
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකින් විදේශ තානාපති කාර්යාලයකට අයත් කාර් රථයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට කිරුළපන පොලිසිය සමත්වී ඇත.
කිරුළපන පොදු වෙළෙඳපොළ අසල සැක සහිත මොටෝරියක් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය කරන ලද සෝදිසියකදී මෙම රථය පක්ෂා කර, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 410ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් එක් සැකකරුවකු කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ට්රේස් පාර, කම්කරුපුර පදිංචි 38 හැවිරිදි අයකුවන අතර ඔහු එම තානාපති කාර්යාලයේ රියැදුරකු ලෙස සේවය කරන බව පොලිසිය කියයි.
අනෙක් තැනැත්තාද ස්ටේස්පුර පදිංචි වයස අවුරුදු 43ක නගර සභා කම්කරුවෙකි.
මත්ද්‍රව්‍ය සමඟ එම මෝටර් රථයද පොලිසිය සිය භාරයට ගෙන ඇත.
කිරුළපන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart