
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම සේවය ලබාදෙන බවට පළවන වාර්තා දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය පිළිබඳ දේශීය ක්‍රීඩා වෙබ් අඩවියක් වන ThePapare.com හි ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජොන්ටි රෝඩ්ස් එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) පැවසුවේ, දේශීය පුහුණුකරුවන් සහ භෞතචිකිත්සකයන්ට උසස් පුහුණුවක් ලබාදීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයන් කිහිපදෙනකුගේ සේවය ලබාගැනීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව,
– හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්
– හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්
– ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කවුන්ටූරි
යන අයගේ සේවය ලබා ගනිමට විධායක කමිටුව තීරණය කර තිබෙන බව ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart