
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ සටන් විරාමයකට, මානුෂීය ආධාර සැපයීමට සහ එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම් වූ තිරසාර විසඳුමකට අඛණ්ඩව සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාව නැවතත් අවධාරණය කර තිබේ.
උගන්ඩාවේ පැවැති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ පලස්තීනය පිළිබඳ ඇමැති කමිටු රැස්වීමේදී විදේශ ඇමැති අලි සබ්රි විසින් ශ්‍රී ලංකාවේ සහාය ප්‍රකාශ කරන ලදී.
ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය සහ පලස්තීනය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 19 වැනි සමුළුව විසින් ලබා දී ඇති ප්‍රමුඛතාව සහ පලස්තීනය පිළිබඳ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ඇමැති කමිටු රැස්වීමේ දේශපාලන ප්‍රකාශය පිළිබඳ ශ්‍රී ලංකාව මෙහිදී ප්‍රසාදය පළ කළේය.
සාගත, රෝග සහ මන්දපෝෂණයේ අවදානම වැළැක්වීම සඳහා අවශ්‍ය ආකාරයට ගාසා තීරයට මානුෂීය ආධාර යොමුකිරීමට බාධාවකින් තොරව පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලීම් කරන බව ද විදේශ ඇමැති අලි සබ්රි මෙහිදී යළි අවධාරණය කළේය.
වැඩිවන සිවිල් මරණ සංඛ්‍යාව නැවැත්වීමට ඇති එකම විසඳුම මානුෂීය සටන් විරාමය බවත් ප්‍රාණඇපකරුවන් නිදහස් කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ ජනතාවට ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය දෑ සඳහා සීමානොකළ ප්‍රවේශයක් තිබිය යුතු බවයි.
“ගාසා තීරයේ අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ දෙබිඩි පිළිවෙතක් පේනවා. ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය සමනය කිරීම සඳහා එක්සත් පෙරමුණක් සහ සාමූහික හඬක් ගොඩනඟන ලෙස අපි අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා. ස්ථාවර සහ තිරසාර සාමයක් ඉදිරියට ගෙන යාමේ කාර්යයේදී ඊශ්‍රායල සහ පලස්තීනුවන්ගේ ආරක්ෂාව, අභිමානය සහ අයිතිවාසිකම් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි. සෑම කෙනෙකුම ආරක්ෂිත වන තුරු කිසිවකු ආරක්ෂිත නොවන බව අප පිළිගත යුතුයි. පලස්තීනුවන් ආරක්ෂිත වන තුරු මැද පෙරදිග ආරක්ෂිත නැහැ. මැදපෙරදිග ආරක්ෂිත වන තුරු ලෝකය ආරක්ෂිත නැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart