
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වාතයේ ගුණාත්මකභාවයේ අඩුවීම අද (18) දිනයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (The National Building Research Organization – NBRO) පවසයි.
කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය පසුගිය දිනවල අඩු වූ බව එම පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
එහි අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ, පසුගිය බදාදා (17) කොළඹ වායු තත්ත්ව දර්ශකය 100ට ආසන්න වූ අතර, අනෙකුත් ප්‍රදේශවල දර්ශකය 50ත් 100ත් අතර පැවති බවයි.
එසේම, පසුගිය සඳුදා (15) දින බත්තරමුල්ල සහ කොළඹ කොටුව අවට වායු තත්ත්ව දර්ශකය 105ක් ලෙස සටහන් වූ අතර, යාපනය ප්‍රදේශයේ 100ක් ලෙස වාර්තා වී ඇත.
අන්තර්ජාතික වායු තත්ත්ව දර්ශකයට (International Air Quality Index) අනුව, 100ට වැඩි වායු දූෂණ මට්ටම් සංවේදී කණ්ඩායම් සඳහා භයානක වන බව දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart