
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන සතියේ පැවැත්වීමට නියමිත යෝජිත මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල්දමා පාර්ශවකරුවන් සමඟ තවත් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ප්‍රධාන විපක්ෂය සමඟි ජන බලවේගය අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ මේ පිළිබඳ නීති සම්පාදනයට අදාළ ගැටළු විසඳීම සඳහා තවත් සාකච්ඡා අවශ්‍ය බවයි.
මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත භයානක නීති සම්පාදනය කරන බැවින් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඉක්මන් නොවිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
“සමාජ මාධ්‍ය වේදිකාවල අසත්‍ය තොරතුරු පළකිරීම සාපරාධී වරදක් ලෙස පනත් කෙටුම්පත අර්ථ දක්වා තිබෙනවා. මෙම වගන්තිය භාවිතා කරමින් මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑම අයෙකු, සිවිල් වැසියෙකු පවා අත්අඩංගුවට ගත හැකි බැවින් මෙය පිළිගැනීමට නොහැකියි. ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, ට්විටර් වැනි අතරමැදියන් සම්බන්ධයෙන් පවා පනතට අනුව කටයුතු කළ හැකියි. එසේම, පිහිටුවනු ලබන ඔන්ලයින් ආරක්ෂණ කොමිසමට බලතල ලබාදීම පිළිගත නොහැකියි. නැවත බැලීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත කළ යුතු නැහැ,” ඔහු පැවසීය.ධාරණය කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අසත්‍ය තොරතුරුවලට මා ගොදුරු වුණත් මම මේ පනතට විරුද්ධයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 සහ 24 යන දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තුවේ අපේක්ෂිත කල් තැබීමට පෙරය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart