
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇති බව වාර්තා වේ.
එසේ මියගොස් ඇති කවිඳු සත්සර නැමති තරුණයාගේ ඥාතීහු, ඔහු සැක කටයුතු ලෙස මියගොස් ඇතැයි චෝදනා කරති.
මේ පිළිබඳව වහා අවධානය යොමුකරන ලෙස මියගිය අයගේ මාපියන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා තිබේ.
මියගිය පුද්ගලයා බද්දේගම ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර, ඔහු මීට මාස 18කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් අබුඩාබි නගරයේ අවන්හලක සූපවේදියකු ලෙස සේවය කර ඇත.
ඔහු දිනපතා තම මාපියන් සහ මිතුරන් සම්බන්ධ කර ගත් බව පවසන ඔහුගේ මාපියන් හෙළි කළේ, 2024 ජනවාරි 06 සිට ඔහු ඔවුන්ව සම්බන්ධ කර නොගත් බවයි.
අවන්හලෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් ඔහුගේ වියෝව මාපියන්ට දන්වා ඇත.
මෙම මරණයට හේතුව සොයාබලා ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට උපකාර කරන ලෙස මාපියන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart