
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ ෆින් ඇලන් ඩුනේඩීන් හි (17) පාකිස්ථානයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ පිතිකරුවකු ඉනිමක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට සමත්විය.
හයේ පහර 16ක් එල්ල කරමින් ඇලන් එම වාර්තාව සමකළේ ඇෆ්ගනිස්ථානයේ හසතුල්ලා සසායි 2019 වසරේදි අයර්ලන්තයට එරෙහිව එල්ලකළ හයේ පහර 16ට අභියෝගයක් වෙමිනි.
කෙසේවෙතත් තවදුරටත් හසතුල්ලා එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවේ.
ෆින් ඇලන් පන්දු 62කදී ලකුණු 137ක් පාකිස්ථානයට එරෙහිව අද රැස්කළ අතර, එය අන්තර්ජාතික පන්දුවාර 20 පිටියේ නවසීලන්ත පිතිකරුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
මීට පෙර පන්දුවාර 20 පිටියේ නවසීලන්තය වෙනුවෙන් හොදම ඉනිම බ්‍රෙන්ඩන් මැකලම් වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart