
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර අලුත්ගොඩ ප්රදේශයේ නිවෙසක දී සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
කාන්තාවගේ පහරකෑමට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ, අලුත්ගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පෙරේදා (13) රාත්රී නවයයි තිහත් දහයත් අතර කාලයේදී මොරකැටිආර අලුත්ගොඩ ප්රදේශයේ නිවෙසට පැමිණ ඇති ඝාතනයට ලක්වූ පුද්ගලයා, නිවෙසේ කාන්තාවට අතවර කරන්නට යෑමේදී කාන්තාව විසින් එල්ලකළ පිහි පහරකින් හා පොලු පහරකින් නිවෙස තුළම ඔහු මියගොස් ඇති බවයි.
පහරකෑමෙන් මිය ගිය පුද්ගලයා අදාළ නිවෙසට පැමිණ නිවෙස් හිමි කාන්තාවගේ පිටුපසින් ගොස් වැළඳගෙන අතවර කිරීමට උත්සාහ දරා තිබේ.
එහිදී කාන්තාව විසින් පිහියකින් එම පුද්ගලයාගේ හිසට හා ගෙළට පහරදී පසුව පොල්ලකින් ද පහර දී ඇති බව සැකකාර කාන්තාව විසින් පොලිසියට සිදු කළ පාපොච්චාරණයේ සඳහන් බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුවීමෙන් පසු සැකකාර කාන්තාව එදින රාත්රියේම තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණ භාරවී සිදු වීම පිළිබඳ ප්රකාශයක් ද ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම පිටුපස තවත් හෙළිදරව් නොවූ සාක්ෂි තිබේද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart