
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අද (14) පස්වරු 07 ට ආරම්භ වේ.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඩෙංගු රෝගය වැළදි සුවය ලබාසිටින ඔහු ඊයේ පුහුණුවීම් වල නිරත වු අතර පැතුම් නිස්සංකගේ ශාරීරික යෝග්‍යතාව අනුව අද තරගයට ක්‍රීඩාකරනු ඇත.
යම් හෙයකින් පැතුම් නිශ්ශංක ක්‍රීඩානොකළ හොත් කුසල් ජනිත් පෙරේරා පළමු ,පන්දුවාර 20 තරගයට ක්‍රීඩාකරනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් තුෂාර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.
පළමු වරට පන්දුවාර 20 තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද ඉටුකරන අතර, පන්දු රැකිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබාදෙන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදි ඔහු කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart