
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් වරක් ඉවත් කෙරුණු ජපානය, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම, දිගුකාලීන ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ III අදියර සඳහා අරමුදල් ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.
කිලෝමීටර් 34ක් දිග ව්‍යාපෘතියේ III අදියරට මුලින් ජපන් අරමුදල් ලබාගැනීමට සූදානම් වූ අතර, මතභේද කිහිපයක් හේතුවෙන් පසුව තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකට මාරුවිය.
ව්‍යාපෘතියේ මුලික වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 135ක් වූ අතර, ආණ්ඩුව වෙනස්වීමත් සමඟ අරමුදල් ගලායෑම වෙනස් විය.
මහාමාර්ග අමාත්‍යංශය තරඟකාරී ලංසු තැබීම පසෙකලා ජපානය සමඟ රජයෙන්-රජයට(G To G) ප්‍රවේශයක් තෝරා ගැනීමත් සමඟ මතභේදය උත්සන්න විය.
මෙම උත්සාහයන් නොතකා, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ණය කොන්දේසි පිළිබඳ ප්‍රමාදයන් සහ එකඟ නොවීම් ඇතුළු කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය පසුබෑමකට මුහුණ දුන්නේය.
එහි ප්‍රතිඵලයක් ලෙස රජය 2020 දී මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ III අදියරෙහි අරමුදල් සපයන්නා ලෙස ජපානය ඉවත් කරන ලදී.
මෙම අදියර සඳහා කොන්ත්‍රාත්කරු ලෙස මුලින් නියම කර ඇත්තේ ජපන් කොන්ත්‍රාත්කරුවකු වන ටයිසෙයි කෝපරේෂන්ය.
කෙසේවෙතත්, 2020 දී, බොහෝ ගැටලු හේතුවෙන් ටයිසෙයි කෝපරේෂන් සමඟ අත්සන් කළ ගිවිසුම අවලංගු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබිණි.
එසේ වුවද, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පවසන පරිදි, රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවේ මාර්ග අංශයේ, විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ III අදියරෙහි ආයෝජනය නැවත ආරම්භ කිරීමට ජපානය කැමැත්ත පළකර ඇත.
“ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් අපට බලා සිටීමට සිදුවනවා. සෑම දෙයක්ම රඳා පවතින්නේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය කෙතරම් ඉක්මණින් අවසන් කළ හැකිද යන්න මතයි. කොහුවල උඩිස් පාලම නැවත ආරම්භ කිරීමට අපි හංගේරියානු රජය සමඟ පසුගියදා සාකච්ඡා කළා. කෙසේවෙතත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තවමත් අඛණ්ඩව පවතින බැවින් එය සාර්ථක වූයේ නැහැ. එබැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට පෙර සාකච්ඡා ආරම්භ කිරීමෙන් පලක් නැහැ,” යනුවෙන් ඔහු පැවැසීය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය නොවැම්බර් මාසයේ සිය අයවැය යෝජනා මඟින් චීනය සමඟ එක්ව කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය.
කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීමට සහ කටුගස්තොට දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ හැකියාව සොයාබැලීමට ජපානයේ සහාය බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් L.V.S. වීරකෝන් සඳහන් කළේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ III අදියර සඳහා නැවත වරක් ආයෝජනය කිරීමට ජපානය උනන්දු වීම පිළිබඳව සාකච්ඡා කර තිබුණද, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නිල ඉල්ලීමක් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඔහුට අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය දැනට III අදියරේ කිලෝමීටර් 12ක කොටසක වැඩ කරමින් සිටින අතර ඉතිරි කිලෝමීටර් 22 කොටස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ආයෝජන යෝජනා අධිකාරියට ලැබී නොමැත.
“අපට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60ක් ලැබී ඇති නමුත් එය ප්‍රමාණවත් වන්නේ මාර්ග නඩත්තුව සඳහා පමණයි. මෙගා ව්‍යාපෘති ආරම්භ කිරීමට මුදල් ප්‍රමාණවත් නැහැ,” ඔහු අවධාරණය කළේය.
වීරකෝන් වැඩිදුරටත් සඳහන් කළේ, රජය ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර දක්වා සම්පූර්ණ කිරීමට පමණක් බවයි.
“නුදුරු අනාගතයේ දී මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිසිවක් සිදුවන එකක් නැහැ,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
ජපානය මධ්‍යම අධිවේගී මාර්ගයේ III අදියරෙන් ඉවත් කිරීමෙන් පසුව, මහාමාර්ග අමාත්‍යංශය විසින් නව ටෙන්ඩර් ක්‍රියාවලියක් ආරම්භ කරන ලද අතර, එය ද මතභේදයට තුඩු දී අවසානයේ අවලංගු කරන ලදී.
මේ අතර, දැනට වාර්තා වන පරිදි ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ප්‍රමාදයන් අත්විඳීමට නියමිතය.
මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, පවතින මාර්ග නඩත්තු කිරීම සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද මාර්ග සම්පූර්ණ කිරීම සඳහා බලධාරීන් මූල්‍ය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටින බවයි.
විදේශ ආයෝජකයන් සුරක්ෂිත කිරීමට රජය අසමත් වීම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, රුවන්පුර අධිවේගී මාර්ගය, වරාය ප්‍රවේශ උස් මාර්ග ව්‍යාපෘතිය සහ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා උස් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන මහාමාර්ග ව්‍යාපෘතිවලට බලපා ඇත.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart