
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16දෙනකු සමඟ මුහුදු කූඩැල්ලන් 1280ක තොගයක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
2024 ජනවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබූ සැකකටයුතු කැබ් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කර ඇත.
එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙම මුහුදු කූඩැල්ලන් තොගය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් පිරිස සහ එම කැබ් රථය මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 54 ත් අතර වයසේ පසුවන වංකාලේ, මන්නාරම සහ වීරවිල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් පිරිස මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart