
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවවැති දෙවැනි එක්දින තරගය කඩුලු 08 කින් ජයගනිමිනි.
තරගයට වරුෂාවෙන් බාධා එල්ලවීම නිසා ඉනිමක් පන්දුවාර 27කට සීමාකෙරුණු අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 22යි පන්දු 02ක් තුලළ ලකුණු 96කට දවාගැනීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වූහ.
අබාධයකින් ලක්ව මාස ගණනක් විවේක ගැනිමෙන් පසු යළි එක්දින පිටියට පිවිසි වනිදු හසරංග, සුපිරි පන්දු යැවිමක නිරත වෙමින් කඩුලු 07 ක් දවාගත්තේ ඔහුගේ අන්තර්ජාතික එක්දින හොදම පන්දු යැවීමද සනිටුහන් කර ගනිමිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 04 ක් අවසානයේ කඩුලු 01 ක් දැවි ලකුණු 97 ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
නායක කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 66ක් රැස්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart