
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම පෙබරවාරි 15 වැනිදාට පෙර ඉවත් කරන බව, කොළඹ සංචාරක අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය.
ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ ICC ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ICCය විසින් තහනම ඉවත් කරනු ඇති බවට ඇමැතිවරයා විශ්වාසය පළකරයි.
එම කවුන්සිලයේ නියෝජිත පිරිස ICC ආචාරධර්ම පද්ධතියට ගැලපෙන පරිදි රෙගුලාසි සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටි බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
වත්මන් ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහද කැමැත්ත පළකර ඇති බවත්, නව සංශෝධනය යටතේ තම විෂය පථයට පැවරී ඇති බලතලද වෙනස් වන බවත් ඔහු සඳහන් කළේය.
ක්‍රීඩක සුභසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින්, වත්මන් ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන හා පුහුණු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart