
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් නේපාල අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කළේය.
23 හැවිරිදි ලමිචනේ කලක් නේපාලයේ ක්‍රිකට් තරුව බවට පත්ව සිටියේය.
2022 දී ඔහු කත්මණ්ඩු හෝටලයකදී තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ නමුත්, ඇප මත නිදහස් වී අන්තර්ජාතික තරඟාවලි සඳහා තරඟ කිරීම සඳහා නැවත සංචිතයට පැමිණියේය.
ඔහු දෙසැම්බර් මාසයේදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ නමුත්, දඬුවම් නියම කරනු ලැබුවේ නැත.
කෙසේවෙතත් අවසානයේ ඊයේ “උසාවිය ඔහුට වසර අටක සිරදඬුවමක් නියම කර ඇත,” යනුවෙන් කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරියකු වන රාමු ෂර්මා AFP පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත.
මෙම අපරාධය හේතුවෙන් සිදුවුණු “මානසික බලපෑම” සඳහා වන්දි වශයෙන් නේපාල රුපියල් 300,000 (ඩොලර් 2,255ක්) සහ තවත් රුපියල් 200,000ක (ඩොලර් 1,500) දඩයක් වින්දිතයාට ගෙවන ලෙස ලමිචනේට නියෝග කරන ලදී.
කෙසේවෙතත් ලමිචනේගේ නීතීඥ සරෝජ් ගිමිරේ AFP වෙත පවසා ඇත්තේ, ඔහු ඉහළ උසාවියට මෙම “තීරණයට අභියාචනයක් ඉදිරිපත් කරන” බවයි.
දූෂණයට ලක්වන අවස්ථාවේ තමා බාලවයස්කාර දැරියක් බව වින්දිතයා කියා ඇති නමුත්, අධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුවේ සඳහන් කළේ ඇයගේ වයස අවුරුදු 18ක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart