
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය කඩුලු දෙකකින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ අනුව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාවට තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 04කදී ලකුණු 208 කට සීමා විය.
37 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 181ක් ලබාසිටියේ, කඩුලු 04ක් බිඳවැටී තිබිණි.
එහෙත් ලකුණු 82ක් ලබාසිටි නායක ක්‍රේග් අර්වින්ගේ කඩුල්ල සදීර සමරවික්‍රමගේ සුපිරි පන්දු රැකීම හමුවේ දුෂ්මන්ත චමීර ලබාගැනීමත් සමග සිම්බාබ්වේ ඉනිම කඩාවැටුණේ මහීෂ් තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම හමුවේය.
මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳහෙළුවේය.
ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් තිබියදිසිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.
පසුපෙළ පිතිකරුවන්ගේ සහායෙන් උපරිම ප්‍රයෝජන ගත් ජනිත් ලියනගේ සිය දෙවැනි අන්තර්ජාතික එක්දින තරගයේදී මංගල අර්ධ ශතකය රැස්කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයමින්ය.
පන්දු 127කදී ලකුණු 95ක් රැස්කළ ජනිත් ලියනගේ ගේ ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.
මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර ලකුණු 18 බැගින් මෙන්ම, සහන් ආරච්චිගේ ලකුණු 21ක් සහ ජේෆ්රි වැන්ඩසේ නොදැවී ලකුණු 19 ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart