
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කේප් ටවුන් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඉන්දීය පළමු ඉනිමේ පිතිකරුවන් 06 දෙනකු ලකුණු නොලබා දවා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් ව තිබේ.
එය ටෙස්ට් තරග ඉතිහාසයේ කණ්ඩායමක පිතිකරුවන් 06 දෙනකු ලකුණු නොලබා දැවීගිය පළමු අවස්ථාව ලෙස සටහන් විය.
යසස්වි ජයිස්වාල්, ශ්‍රෙයියස් අයියර්, රවින්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, මුකේෂ් කුමාර් එලෙස දැවීගිය ඉන්දීය පිතිකරුවන් විය.
එහිදී සුවිශේෂී වන්නේ ඉන්දීය පළමු ඉනිමේ අවසන් කඩුලු 06 සඳහාද කිසිදු ලකුණක් ලබානොදීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වීමයි.
ලකුණු 153දී එම කඩුලු 06ම බිඳවැටිණි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ද ලකුණු 55කට සීමාකිරීමට මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු බලඇණිය සමත් විය.
ඔවුන්ගේ දෙවැනි ඉනිම කඩුලු 03ට ලකුණු 62ක් ලෙස සටහන් විය.
ඒ අනුව, මෙම තරගයේ පළමු දිනයේදී කණ්ඩායම් ද්විත්වයේම කඩුලු 23ක් බිඳවැටී ඇත.
එමෙන්ම, මෙම ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගාර්ගේ අවසන් ටෙස්ට් තරගයද වූ අතර ඔහුට සුභපැතීමට විරාට් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයෝ අමතක නොකළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart