
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළැඹෙන ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කර තිබෙන බව ක්රිකට් ප්රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි.
ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් මීට පෙර නායකත්වය ලබා දුන්නේ දිමුත් කරුණාරත්නයි.
ජනවාරි-පෙබරවාරි මාසවලදී, ඇෆ්ගනිස්ථානය සමග T20 තරඟ තුනක්, එක්දින තරග තුනක් සහ එක් ටෙස්ට් තරගයක් සඳහා ශ්රී ලංකාව සත්කාරකත්වය සැපයීමට නියමිතය.
ඒ ජනවාරි මාසයේදී පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගාවලියෙන් අනතුරුවය.
“අපි අන්තර්ජාතික ක්රිකට් තරග විශාල ප්රමාණයක් ක්රීඩා කිරීමට නියමිත ඉතා උද්වේගකර වසරක් කරා ගමන් කරමින් සිටිනවා. එය අපට හොඳ පෙරනිමිත්තක් වන අතර වසර පුරා අපගේ කණ්ඩායම තරඟකාරී ක්රිකට්වල නිරත වනු ඇති ,” යනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart