
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජල ශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුවිය.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබාගැනීමේ අයිතිය පැවතියද එය භාවිත නොකර ඇති බව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්ෂ පැවසුවේය.
ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මත වීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බව අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
එමෙන්ම මෙම පනත මගින් ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජලශාස්ත්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම ද මෙම පනතේ අරමුණ වී ඇති බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් නිලධාරීහු පැවැසූහ.
දකුණු මුහුදම ආවරණය කරමින් නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින් සිතියම් 03ක් නිර්මාණය කර ඇති බව නාවික හමුදාව මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.
කෙසේවෙතත් මෙම පනත ඔස්සේ ගවේෂණය කර දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරිමේ බලය මෙරට හිමිවන බව නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුහ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරීහු, මෙම පනත් කෙටුම්පත තුළින් ඔවුන්ගේ ආයතනය මගින් සිදුකරනු ලබන යම් කටයුතු ප්‍රමාණයක් ගිලිහෙන බව පැවසූහ.
කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඒ සඳහාද සංශෝධන එක් කිරීමට නාරා ආයතනයට අදාළ ඇමැතිවරයා හරහා අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart