
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම පෙළේ කාර්ය මණ්ඩලයේ රැසක් ඉදිරි මාස තුන තුළ විශ්‍රාම ගැනීමට නියමිත බැවින් නව වැට් බදු රෙගුලාසි යටතේ ජනවාරි 01 වැනිදා සිට දිනකට රුපියල් මිලියන 160ක අතිරේක බදු ආදායම එකතු කිරීම පිළිබඳ ගැටලුවකට මුහුණදෙන බව වාර්තා වේ.
රටේ ප්‍රධාන ආදායම් උපයන ප්‍රධාන ආයතන තුනෙන් එකක් වන සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් ඉහළ නිලධාරීන්ගේ කාර්ය මණ්ඩල හිඟයකට මුහුණ දී සිටින අතර, එහි ප්‍රධානී සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු වයස අවුරුදු 60 සම්පූර්ණ ඉතිරි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විශ්‍රාම යෑමට නියමිත බැවින් මේ වසරේ මාර්තු මාසය වන විට දෙපාර්තමේන්තුව අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පැමිණෙන සුරාබදු කොමසාරිස් ජනරාල් සහ සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනකු සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ තවත් නිලධාරීන් තිදෙනකු හැර, දෙපාර්තමේන්තුවේ ඉහළ සංවිධාන ව්‍යුහය අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකුගේ, සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනකු, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් හත්දෙනකු සහ සහකාර සුරාබදු කොමසාරිස්වරුන් 10 කට වැඩි පිරිසකගෙන් සමන්විත වේ.
සහකාර කොමසාරිස්වරුන් කිහිපදෙනෙකු ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම කාර්ය මණ්ඩලය රාජගිරියේ පිහිටි සුරාබදු මූලස්ථානයේ සේවය කරන අතර, ඔවුන් ආදායම් එකතු කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාකාරීත්වයේ වගකීම දරයි.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, නියමිත ජ්‍යෙෂ්ඨ සේවක සංඛ්‍යාවෙන් සම්පූර්ණ මෙහෙයුම් පසුගිය වසර සඳහා මෙහෙයවනු ලැබුවේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකුගේ රාජකාරි ද ආවරණය කළ එක් සුරාබදු කොමසාරිස්වරයකු, එක් නියෝජ්‍ය කොමසාරිස්වරයකු සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් හයදෙනෙකුගේ රාජකාරි ද ආවරණය කළ සහකාර කොමසාරිස්වරුන් හතරදෙනකු විසිනි.
කෙසේවෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මස මුලදී ඉතිරිව සිටි, නිල ඇඳුමින් රාජකාරී කරන පිරිසට අයත් කාර්ය මණ්ඩලයේ එකම නියෝජ්‍ය කොමසාරිස්වරයා විශ්‍රාම යෑමත්, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ රාජකාරි පවා ආවරණය කළ එකම සුරාබදු කොමසාරිස්වරයා දෙසැම්බර් 31 සිට විශ්‍රාම යෑමත් සමඟ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ.
සහකාර කොමසාරිස්වරුන් හතරදෙනාගෙන් (නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ රාජකාරි පවා ආවරණය කරමින් සිටි) ඉතිරිව සිටින එකම ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් එක් අයකු පෙබරවාරි අගදීද, තවත් අයකු මාර්තු මාසයේදී ද, තවත් අයකු අප්‍රේල් මාසයේදී ද විශ්‍රාම යනු ඇත.
වත්මන් සුරාබදු ප්‍රධානී සමන් ජයසිංහ ද මාර්තු මාසයේදී විශ්‍රාම යෑමට නියමිතය.
මෙම සියලුම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ට වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ඔවුන් සියලුදෙනාම ඉදිරි මාස තුන තුළ විශ්‍රාම යන විට මෙහෙයුම් කටයුතු මෙහෙයවිය යුත්තේ පසුගිය කාලයේ සුරාබදු නිලයෙන් උසස්වීම් ලැබූ ඉතිරි නවක සහකාර කොමසාරිස්වරුන් විසිනි.
ඒ අනුව වසර 100කට වැඩි පැරණි දෙපාර්තමේන්තුවක ඉල්ලුමට සරිලන සේවා අවශ්‍යතා සඳහා වසර 25ක සේවා කාලයක් පමණක් ඇති සහකාර කොමසාරිස්වරුන් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව එම ආරංචි මාර්ග පවසයි.
1970 ගණන්වල රට පාලනය කළ රජයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි ප්‍රමාණයක්සංඛ්‍යාවක් අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තු පාලනයට අන්තර්ග්‍රහණය කර ගනිමින් කළ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස සේවා ව්‍යුහයේ විශාල පරතරය ඉහළ ගොස් ඇත.
ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන් විසින් අවස්ථා ගණනාවකදී දෙපාර්තමේන්තුවේ නිසි බලධාරියා වන මුදල් අමාත්‍යංශය දැනුවත් කර ඇති නමුත්, ප්‍රතිචාරය සෘණාත්මකව ලැබී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
දෙසැම්බර් 31 වැනිදා වන විට දෙපාර්තමේන්තුවට අයවිය යුතු බදු ආදායම රුපියල් මිලියන 500ක් වූ නමුත්, නවතම එකතු කළ අගය මත බද්දත් සමඟ එම මුදල 2024 ජනවාරි 1 වැනිදා සිට රුපියල් මිලියන 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, පළපුරුදු කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් සමග එම ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි නිලධාරීන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.
සමස්ත ආයතනයේම 30%ක සේවක හිඟයක් පවතින අතර, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇතැම් අංශ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුගේ හිස් කාර්යාලවලින් දැනටමත් පාළුවට ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart