
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසනීප තත්වයකින් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරුක්වත්ත, පාදුක්ක ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවකි.
ඇය පදවාගෙන පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියේ ඇතුළත බහාලුමේ සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක ප්‍රමාණයක්ද, රුපියල් 150,000ක වටිනාකමැති මුදල් නෝට්ටු තොගයක්ද සමඟ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කාන්තාව විසින් පාදුක්ක ප්‍රදේශයේ සිට රැගෙන එන මත්කුඩු ඉංගිරිය සහ අවට ප්‍රදේශ වලට බෙදාහැර ඇති බවට මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.
අසනීප තත්ත්වයේ පසුවන දරුවා ආධාරයෙන් කිසිවකුට සැකයක් ඇතිනොවන පරිදි සැකකාරිය මෙම කටයුත්තෙහි නිරතව ඇති අතර, ඇය සන්තකයේ තිබී මත්කුඩු බෙදාහැරීමේදී කටයුතු සඳහා යොදාගත් ජංගම දුරකතන අටක්ද පොලිසිය සොයාගෙන තිබේ.
සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ජාවාරමට සම්බන්ධ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචිකරුවකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී තවත් මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 180ක ප්‍රමාණයක් පොලිස් භාරයට පත්ව ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart