
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 නව වසරේ පැවැත්වෙන සංග්‍රහය කටයුතු සඳහා එක් සේවකයකු වෙනුවෙන් රුපියල් 100ක මුදලක් පමණක් වෙන්කිරීමට සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි මානව සම්පත් කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
කාර්යාංශ සහ අනු කාර්යාංශ ප්‍රධානීන් වෙත යොමුකර ඇති ලිපියක් මගින්, කිරිබත්, කොන්ඩ කැවුම් 01ක් සහ කෙසෙල් ගෙඩියක් රුපියල් 100ක් පමණක් වැයකළ යුතු බව හෙතෙම අවධාරණය කර තිබේ.
එමෙන්ම මෙම සංග්‍රහය සඳහා මුදල් ලබා ගැනීමේදී සේවයේ නියුතු ස්ථිර/ කොන්ත්‍රාත් සේවකයන්ට පමණක් අදාළ වන පරිදි මුදල් ලබාගත යුතු බවත්, ස්ථීර/ කොන්ත්‍රාත් නොවන අය සඳහා මුදල් ඉල්ලුම් නොකිරීමට වගබලා ගත යුතු බවත්, මානව සම්පත් කළමනාකරණ කාර්යාලය අදාළ ලිපිය මඟින් දන්වා ඇත.
කාර්යාංශවල සේවය කරන සේවක ප්‍රමාණය ඉක්මවා අතිරික්ත සංග්‍රහ වියදම් වෙනුවෙන් ඉල්ලුම් කරන මුදල් සඳහා මුදල් කාර්යාංශයෙන් ගෙවීම් නොකරනු ඇතැයි ද ඉන් දන්වා තිබේ.
කොළොන්නාව නිමාවට අයත් කාර්යාංශයන්හි සේවක පිරිස්වලට අවශ්‍ය ආහාර එක් එක් කාර්යාංශයන්ට පහසු වන පරිදි සුදුසු ස්ථානයකින්ද, තොග ගබඩා, මුතුරාජවෙල සහ තෙල් පහසුකම් අංශයන්හි සේවක පිරිස්වලට පෙර වර්ෂයන්හි පරිදි සුදුසු ස්ථානයකින්ද ලබාගැනීමට කටයුතු කළ හැකි බව ද එහි සඳහන් කර ඇත.
එම ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී තමන්ට ද පිටපතක් සහිතව තම කාර්යාංශයේ සේවක ප්‍රමාණය අනුව පමණක් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කළයුතු බව මානව සම්පත් කළමනාකාරවරයා එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්හි සේවකයන් ප්‍රශ්න කරන්නේ, රුපියල් 100ක වැනි මුදලකින් එක් සේවකයකුට මෙලෙස සංග්‍රහ කළ හැකි බවට මානව සම්පත් කළමනාකාරවරයා තීරණය කර ඇත්තේ වෙළඳපොලේ ආහාරවල මිල ගණන් පිළිබඳ අවබෝධයකින්ද යන්නයි.
එසේම ආයතනයේ තෝරාගත් සේවක පිරිසකට පමණක් මෙලෙස සංග්‍රහ කිරීම සාධාරණ වන්නේ කෙසේද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart