
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 99කින් සමන්විත වන අතර, 2022-01-03 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත පෞද්ගලික සමාගමට වසර 50ක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබේ.
එම ශක්‍යතා අධ්‍යයනය මඟින් මෙම ව්‍යාපෘතිය වසර 16ක් තුළ අදියර 07ක් යටතේ සංවර්ධනය කිරීමට නිර්දේශ කර ඇති අතර, එහි පළමු අදියර යටතේ ආර්ථික වශයෙන් ඵලදායී ටැංකි 09ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ආසන්න වශයෙන් කිලෝමීටර 1.75ක දිගින් යුත් නළ මාර්ගයක් සකස් කිරීමටත්, ඊට අදාළ අනෙකුත් පහසුකම් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම (BOT) යන ව්‍යාපාර මාදිලිය අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරාගැනීම පිණිස අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart