
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාල ක්‍රිකට් තරුවකවන සන්දීප් ලැමිචනේ (Sandeep Lamichhane) ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වී ඇත.
23 හැවිරිදි ලැමිචනේ වරක් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයා විය.
පසුගිය වසරේ ඔහු කත්මණ්ඩු හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ නමුත් ජනවාරි මාසයේදී ඇප මත නිදහස් වී අන්තර්ජාතික තරඟාවලි සඳහා තරඟ කිරීම සඳහා නැවත සංචිතයට පැමිණියේය.
කෙසේවෙතත් ඔහුගේ නීතීඥ සරෝජ් ගිමිරේ AFP පුවත් සේවය වෙත පවසා ඇත්තේ, ඊයේ ලැමිචනේ වරදකරු බවට අධිකරණය තීන්දු කළ බවයි.
ඔහුගේ දඬුවම මීළඟ නඩු විභාගයේදී තීරණය කෙරෙනු ඇති බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.
චෝදනාව හේතුවෙන් ඔහුව ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කර පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඇප මත නිදහස් වීමෙන් පසු නේපාලය ඔහුගේ ක්‍රීඩා තහනම ඉවත් කළේය.
ලැමිචනේ ඔහුට එරෙහි චෝදනාව නිරතුරුවම ප්‍රතික්ෂේප කර ඇති අතර චෝදනා නොතකා ප්‍රබල මහජන සහයෝගයක් ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart