
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුර හැර අනෙක් සියලු තනතුරු අහෝසි කර පක්ෂයේ දේශපාලන වැඩසටහන් හා පරිපාලන කටයුතු ජනවාරි 16 වැනිදා සිට නායකත්ව මණ්ඩලයකට පැවැරීමට පක්ෂ නායකත්වය තීරණය කොට ඇති බව වාර්තා වන බව ‘මව්බිම’ අනාවරණය කරයි.
එම වාර්තාවට අනුව, මෙම වෙනස ගැන පක්ෂයේ ඉහළ පෙළේ තනතුරු දරන පුද්ගලයන් කිහිපදෙනකුගෙන්ම විමසූ විට ඔවුන් සඳහන් කර ඇත්තේ, එවැනි දෙයක් ගැන තමන් දැනුවත් වී නැති බවයි.
එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට පත්කිරීමට යන පුද්ගලයකුගෙන් මේ වෙනස ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ ලේකම් තනතුර හැර අනෙක් සියලු තනතුරු ජනවාරි 01 වැනිදා සිට අහෝසි වන බවයි.
ඔහු සඳහන් කර ඇත්තේ, එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට සාගල රත්නායක, හරින් ප්රනාන්දු, රවි කරුණානායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන පක්ෂයේ ප්රධානීන් පත්කිරීමට යෝජිත බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ, නායකත්ව මණ්ඩලයට පත්කරන්නේ කවුරුන් දැයි මෙතෙක් ප්රකාශයට පත්කර නැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart