
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ජාතික කණ්ඩායමට වඩා ෆ්රැන්චයිස් ලීග් ක්රිකට් තරග වලට මුල්තැන ලබාදීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්රිකට් ක්රීඩකයන් තිදෙනකුට සම්බාධක පැනවීමට එරට ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ.
මුජිබ් උර් රහමන්, ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක් යන ක්රීඩකයන් තිදෙනාට මෙලෙස සම්බාධක පනවා ඇත.
2024 වසරේ වාර්ෂික කොන්ත්රාත්තුව ලබාදීම ප්රමාද කිරීම, ඉදිරි වසර දෙකක කාලය තුළ විදේශිය ලීග් තරග සදහා අවසර ලබානොදීම, ඇෆ්ගනිස්ථාන ක්රිකට් ආයතනය ඔවුන්ට පැනවීමට තීරණය කර ඇති සම්බාධක බව පැවැසේ.
එ අනුව, මේ වන විට අදාළ ක්රීඩක තුන්දෙනාට විදේශ ලීග් තරග සදහා ලබාදී ඇති අවසරයද අවලංගු කර තිබේ.
මේ හේතුවෙන් මුජිබ් උර් රහමන්, ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක් යන ක්රීඩකයන් තිදෙනාට ලබන වසරේ ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට ක්රීඩා කිරීමට අවස්ථාව හිමි නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart