
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
IPL ක්‍රීඩක වෙන්දේසියේදී පන්ජාබ් කිංග්ස් බලධාරීන් විසින් වැරදීමකින් ශෂාන්ක් සිං නම් ක්‍රීඩකයා තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව තිබේ.
ශෂාන්ක් 32 හැවිරිදි වියේ පසුවන අතර ඔහු චත්තිස්ගාර් ප්‍රාන්තයට ක්‍රීඩාකරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
ඔහු දැනටමත් T20 තරඟ 55ක් ක්‍රීඩාකර ඇති අතර මීට පෙර IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළේය.
කෙසේවෙතත්, ඔහු එම කණ්ඩායමෙන් නිදහස් කිරීමෙන් පසු IPL 2023 වෙන්දේසියේදී අලෙවි නොවීය.
මෙවර වෙන්දේසියේදී ශෂාන්ක් ඔවුන්ගේ සංචිතයට තෝරා විනාඩියකට පසු, පන්ජාබ් කිංග්ස් හිමිකරු නෙස් වාඩියා, ක්‍රීඩකයාට වැරදීමකින් ලංසු තැබූ බව පවසමින් ලංසුව ආපසු හරවන ලෙස වෙන්දේසිය මෙහෙය වූ මල්ලිකා සාගර්ගෙන් ඉල්ලා සිටි බවක් පෙනෙන්නට තිබිණි.
කෙසේවෙතත්, සාගර් ලංසුව ආපසු හැරවීම ප්‍රතික්ෂේප කළේ දැනටමත් ක්‍රීඩකයා ඔවුන්ට විකුණා ඇති බව හඟවන මිටි පහර එල්ලකර අවසන් බව පෙන්වාදෙමිනි.
පන්ජාබ් කිංග්ස් බලධාරීන්ට ඔහු නැවත වෙන්දේසියට ඇතුළත් කිරීමට අවශ්‍ය වුවත් ඔවුන් විසින් ශෂාන්ක් සිං සඳහා ලංසු තබා තිබූ බැවින් වෙන්දේසි නීති යටතේ එය කළ නොහැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart