
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් දුන් ඉන්දීය ඉනිම පන්දුවාර 46යි පන්දු 2ක් තුළ ලකුණු 211කට සීමාවිය.
මංගල එක්දින තරගාවලියට ක්‍රීඩාකරන ෂායි සුදර්ශන් අන්තර්ජාතික පිටියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අතර(ලකුණු 62ක්) සහ නායක කේ.එල්.රාහුල් ලකුණු 56ක් රැස්කළේය.
ෂායි සුදර්ශන් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තරගය්දීද අර්ධ ශතකයක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාව පන්දුවාර 42යි පන්දු 3ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 215ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
ක්ව්න්ටන් ඩි කොක්ගේ එක්දින සමුගැනිම හමුවේ ආරම්භක පිතිකරණ වගකීම ගත් ටෝනි ඩි සෝර්සි මංගල එක්දින ශතකය වාර්තා කළ අතර ඔහු නොදැවී ලකුණු 119ක් රැස්කළේය.
ඊට 06 පහර 06ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත විය.
දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය හමුවේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ඒ අනුව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමතැන පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart