
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාර පද්ධතිය තුළ ආරක්ෂාව වැඩි කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව “විශේෂ කාණ්ඩයේ” සිරකරුවන් ප්‍රවාහනය කරන බස් රථවල CCTV කැමරා සවිකිරීම ආරම්භ කර ඇත.
සිරකරුවන් මාරුකිරීමේදී අනුගමනය කරන ආරක්ෂක විධිවිධාන වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.
“මෙම කැමරා මගින් ආරක්ෂක විධිවිධාන තර කරනවා පමණක් නොව ප්‍රවාහනයේදී රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් යන දෙඅංශයේම ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසෙනවා” යැයි දිසානායක ප්‍රකාශ කරයි.
බන්ධනාගාර බස් රථවලට පිටතින් මත්ද්‍රව්‍ය විසිකිරීමේ අවස්ථාවන්ද අවර්ත වන බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart