
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ වෝල්මාට් වෙළෙඳසැලකදී ප්‍රථම ඉන්දියාවේ නිෂ්පාදිත පාපැදි එළිදැක්වීමේ උත්සවයට සහභාගිවීමට ලැබීම ගැන අමෙරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්ධු අඟහරුවාදා සිය සතුට පළකළේය.
ඇමෙරිකාවට නිවාඩු කාලය උදා වී ඇති අතර, ඒ සමඟම බයිසිකල් සඳහා ඇති ඉල්ලුමද ඉහළ යමින් පවතී.
ඒ අනුව සැපයුම් දාමයන්ගේ ඔරොත්තු දෙන බව සහතික කිරීම සඳහා, සිල්ලර දැවැන්තයකු වන ‘වෝල්මාර්ට්’ ඉන්දියාවේ ප්‍රමුඛ පාපැදි නිෂ්පාදකයා සහ අපනයනකරු වන හීරෝ එකෝටෙක් (Hero Ecotech Ltd.) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත.
මෙම සහයෝගීතාවය ඉන්දියාවේ “මේක් ඉන් ඉන්දියා” මුලපිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙමගින් හීරෝ එකෝටෙක් දේශීය අවශ්‍යතා පමණක් නොව සිය ගෝලීය වෙළඳපොළවල ඉල්ලීම් ද සපුරාලීමේ හැකියාව පෙන්නුම් කරයි.
ඉන්දියාවේ බයිසිකල් වලට සමාන නාමයක් වන හීරෝ, 1948 දක්වා දිවෙන පොහොසත් උරුමයකට හිමිකම් කියයි.
වසර ගණනාවක් පුරා, සමාගම දේශීය ප්‍රමුඛයෙකු ලෙස ස්ථාපිත වූවා පමණක් නොව, ප්‍රධාන ගෝලීය අපනයනකරුවකු ලෙසද මතු වී ඇති අතර, එහි බයිසිකල් රටවල් 90ට වැඩි සංඛ්‍යාවකට නැව්ගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart