
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අද අත්සන් තැබූ බව ඇමැති ප්‍රනාන්දු ට්විටර් (X) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා ICCයට ද ලිඛිතව දැනුම් දී ඇති බව ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගෙන ඇති බවද හෙතෙම පවසයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතර ඇති වූ මතභේදයේ ප්‍රතිඵලයක් ලෙස ICC විසින් දේශපාලන මැදිහත්වීම් පවතින බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පැනවීය.
විගණකාධිපති වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ මූල්‍ය අක්‍රමිකතා තහවුරු වී ඇති බව පවසමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් පත්කෙරිණි.
අතුරු කමිටුව පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ICC වෙත ලිඛිතව දන්වනු ලැබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය අත්හිටුවමින් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ද පැවැත්විණි.
එම වර්ධනයන් සැළකිල්ලට ගනිමින් ICC විසින් දේශපාලන මැදිහත්වීම් පවතින බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පැනවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart