
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 08දෙනකු මෙවර ඇතුළත්ව තිබේ.
ඒ අනුව, වනිදු හසරංග,දිල්ෂාන් මධුශංක, කුසල් මෙන්ඩිස්,චරිත් අසලංක,ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර,දසුන් ශානක සහ නුවන් තුෂාර(පොඩි මාලි) යන ක්‍රීඩකයන් 08දෙනා ලබන 19වැනිදා ඩුබායි හි පැවැත්වෙන IPL වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි වෙන්දේසියේදී වනිදු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 150 කට සහ දිල්ෂාන් මධුශංක ඉන්දීය රුපියල් ලක්ෂ 100කට ලංසු තබා තිබේ.
එමෙන්ම කුසල් මෙන්ඩිස් ,චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර,ලහිරු කුමාර,නුවන් තුෂාර (පොඩි මාලි) සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් ලංසු ලබා දී ඇත.
මේ අතුරින් වනිදු, දසුන්, චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මීට පෙර නියෝජනය කර තිබේ.
ක්‍රීඩකයන් 333ක් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර ඉන් 119 දෙනකු විදේශිය ක්‍රිඩකයන් වේ.
මෙවර වෙන්දේසියේදී ඕස්ට්‍රේලියා එක්දින ලෝක ශූරයන් වන ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් වෙනුවෙන් ඉහළ මුදලක් හිමිවනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසා තිබේ.
නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවින්ද්‍ර සහ ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔම්රාසායි ද වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 සිට ලංසු තබනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart