
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියයට 18ක වැට් බදු පැනවීමෙන් පසු ඩීසල් ලීටරයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද ප්‍රකාශ කළේය.
ඒ අනුව දැනට රුපියල් 346කට අලෙවි කරන ඩීසල් ලීටරයක්, ජනවාරි මාසයේ සිට රුපියල් 63කින් වැඩි කරන බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ධීවර අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්රයේ භාවිත කරන උපකරණ වැට් බද්දට යටත් කරන බවයි.
ධීවර ක්ෂේත්රය මේ වන විට අඩාළ වී ඇති බවත්, සියයට 18ක වැට් බදු පැනවීම තුළින් ධීවර ජන ජීවිතය අසරණ වන බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart