
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙනසුරාදා (09) දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව විදුලි පාරිභෝගික සංගමය ඊයේ (10) ප්‍රකාශ කළේය.
2022 දී දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් ක්‍රියා කර නොමැති බවට විදුලි පාරිභෝගික සංගමය .චෝදනා කරයි.
පසුගිය සෙනසුරාදා සවස් වරුවේ රට පුරා විදුලිය ඇනහිටීම් වාර්තා වූ අතර, කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් ඊට හේතු වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ, 2021 සහ 2022 වර්ෂවල හදිසි විදුලිය ඇනහිටීම් හේතුවෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව තාක්ෂණික වැඩිදියුණු කිරීම් කිහිපයක් නිර්දේශ කර තිබුණද, මෙතෙක් එවැනි කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පැවසීය.
“නොරොච්චෝලේ බලාගාරය ක්‍රියා විරහිතයි. සම්ප්‍රේෂණ මාර්ග බිඳවැටීමක් නිසා එය අකර්මණ්‍ය වීමට හේතුවක් නැහැ. එය යම් ආකාරයකින් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ද පිළියම් යෙදීමට මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර තිබෙනවා”
ලේකම්වරයා කියාසිටින්නේ, සෙනසුරාදා විදුලිය ඇණහිටීමෙන් රුපියල් බිලියන 02ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.
රටට සිදුවූ එම අලාභය තම වගකීම පැහැර හැරිය අයගෙන් අය කර ගත යුතු බවත් ඔහු පෙන්වාදෙයි.
වත්මන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර යටතේ විදුලි පාරිභෝගිකයන් සූරාකෑමට ලක්ව ඇති බවත්, ඒ ඔහු ජනතා සුබසිද්ධියට වඩා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට අවධානය යොමු කර ඇති නිසා බවත් යැයි පෙන්වාදෙන ලේකම්වරයා, එබැවින් ඔහුව වහා ඉවත් කළ යුතු බව අවධාරණය කරයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart