
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවති ලෙජන්ඩ්ස් ලීග් පන්දුවාර විස්ස තරගාවලියේ වීරයා සහ අවසන් මහා තරගයේ වීරයා සම්මාන ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සහ අසේල ගුණරත්න ජයග්‍රහණය කර තිබේ.
ශුරතාව ජයග්‍රහණය කළ මනිපාල් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කල අසේල ගුණරත්න Urbanrisers Hyderabad කණ්ඩායමට එරෙහි අවසන් තරගයේදි පන්දු 29කදි ලකුණු 51ක් රැස්කළේය.
සුරත්හි පැවති අවසන් මහා තරගයේ පලමුව පන්දුවට පහරදුන් Urbanrisers Hyderabad කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 05ට ලකුණු 187ක් රැස්කල අතර රික්කි ක්ලාක් ලකුණු 80ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල Urbanrisers Hyderabad පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 05 ක් දැවි ලකුණු 193ක් ලබා අවසන් මහා තරගය ජයගනු ලැබිණ.
එහිදි අසේල ගුණරත්න රැස්කළ අර්ධ ශතකයට අමතරව ඇන්ජලෝ පෙරේරා ලකුණු 30ක් සහ තිසර පෙරේරා ලකුණු 25ක් රැස්කළහ.
ස්ටුවට් බිනි කඩුලු 03ක් බිද හෙලුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart