
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත දිවයිනම අඳුරේ තැබූ පැය 07ක කාලයකින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රී 12:20ට පමණ විදුලිය සැපයුම යථා තත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.
ජන ජීවිතය අඩාල කරමින්, රටේ ආර්ථිකයටද දැවැන්ත පහරක් එල්ල කර මුළු රටටම මෙලෙස විදුලිය බිඳවැටීම සිදුවූයේ ඊයේ පස්වරු 05:10ට පමණය.
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් මීට හේතුවූ බව විදුලි බල රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ සඳහන් කළේය.
මේ අතර මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයද නිවේදනය කළේය.
විදුලිය බිඳ වැටීමත් සමග නගරවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදුන්නේය.
විදුලිය බිඳවැටී පැය තුනක පමණ කාලයක් ගතවන විට පියවරින් පියවර රටේ ප්‍රදේශ වශයෙන් විදුලි සැපයුම නැවත ස්ථාපනය කිරීමට ලංවිම පියවර ගත්තේය.
අවසානයේ මධ්‍යම රාත්‍රී 12:22ට සමස්ත රටටම නැවත විදුලිය සැපයුම තහවුරු කළ බව ලංවිම නිවේදනය කළේය.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ නව පනත් කෙටුම්පත ,අධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි ආකාරයෙන් සැලසුම් සහගතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුමක් පවතින බව පෙරේදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව විෂය භාර ඇමැති කංචන විජේසේකර ප්‍රකාශ කරන ලද්දේ, නව විදුලි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජනවාරි මාසය දක්වා කල්තබන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart