
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පැවැති නුවරඑළිය රේස්කෝස් පිටිය පෞද්ගලික අයෝජකයකුට ලබාදීමට තීරණය කර ඇතැයි ‘මහජන කවුසිලය සඳහා ව්‍යාපාරයේ’ නුවරඑළිය මෙහෙයුම් කමිටු සාමාජිකා වෛද්‍ය චම්පිකා ජයවර්ණ පවසයි.
නුවරඑළිය නාගරික පොදු ක්‍රීඩාංගණය ගෘහස්ත ක්‍රීඩාගාරය සහ නව නගර ශාලාව පිහිටුවා ඇත්තේ, රේස්කෝස් පිටියේ වන අතර, නුවරඑළිය මහ නගර සභාව, අවස්ථානුකූලව නොමිලයේ සහ සහන මිලකට ලබාදීමෙන්, ඒවා සුභසාධන මට්ටමින් පවත්වාගෙන යයි.
මෙම ආයෝජනය හේතුවෙන්, ආසන 1000 කින් සමන්විත නව නගර ශාලා රඟහල සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉවත් කෙරනු ඇති බවත්, ඉන්පසු සංවර්ධනය කරන ක්‍රීඩාපිටියද, ජනතාවට විශාල මුදලක් ගෙවා ලබාගැනීමට සිදුවන බවත්, වෛද්‍ය චම්පිකා ජයවර්ණ සඳහන් කරයි.
එය නුවරඑළිය ජනතාවට සිදුවෙන බලවත් අසාධාරණයක් බව පෙන්වා දෙන ඇය, නැවත මෙවැනි ක්‍රීඩා හා රංග කලා සංකීර්ණයක් ඉදිකිරීමට වත්කමක් හෝ සුදුසු භූමියක් නුවරඑළිය මහ නගර සභාව සතුව නොමැති බවද පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ඩී. ඒ. පී. දනන්සූරියගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ, සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මේ දක්වා නුවරඑළිය රේස්කෝස් පිටිය පාලනය කළද, එම ගිවිසුම අවලංගු කර ක්‍රීඩා අමාත්‍යංශය විසින් එය තමා යටතට පවරා ඇති බවයි.
එය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයකු ඉල්ලීමක් කර තිබෙන නමුත්, භුමි ප්‍රමාණය අක්ක 50 වඩා වැඩි බැවින් ලබාදීම අනුමත කළ හැකි වන්නේ කැබිනට් මණ්ඩලයට පමණක් බව ඔහු පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart