
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර අබුඩාබි T10 තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්රී ලංකාවේ නුවන් තුෂාර (පොඩි මාලි) සමත්ව තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නොර්දන් වොරියස් කණ්ඩායමට එරෙහිව නුවන් තුෂාර පන්දුවාර 02ක් තුළ ලකුණු 12ක් ලබාදී කඩුලු 04ක් දවාගනිමින් හොදම පන්දු යැවීම වාර්තා කළේය.
එහිදී වොරියස් කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය කඩුල්ල බිඳහෙළමින් නුවන් තුෂාර විසින් හස්රතුල්ලා සසායි සහ කෙනර් ලුවිස් ක්රීඩාගාරයට වේලාසනින්ම හරවා යැවිණි.
මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස නුවන් තුෂාර ඉදිරියෙන් පසුවන්නේ ඉනිම් 05කදී කඩුලු 10ක් දවාගනිමිනි.
ඊයේ තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නොර්දන් වොරියස් කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු 06ට ලකුණු 100ක් රැස්කළේය.
පිලිතුරු ඉනිම ක්රීඩා කල ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 06යි එක් පන්දුවක් තුල කඩුලු 02ක් පමණක් දැවි ලකුණු 104ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart