
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand prix බර ඉසිලීම 2023 තරගාවලියේ දි ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර දීමට දිලංක ඉසුරු කුමාර සමත්ව තිබේ.
මෙම ඉසව්වේ රන් පදක්කම උතුරු කොරියාවට සහ රීදි පදක්කම ඉන්දුනීසියාවට හිමිවිය.
කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග කරමින් දිලංක එම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්වුයේ ක්ලීන් ඇන්ඩ් ජර්ක්හි තෙවැනි ස්ථානය සහ සමස්ත තරග ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකරගනිමිනි.
ස්නැච් වටයේ දි කිලෝග්‍රෑම් 112ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් වටයේදී කිලෝග්‍රෑම් 113ක් ඔසවමින් සමස්ත බර කිලෝග්‍රෑම් 254ක් ඒ අනුව දිලංක ඉසුරු කුමාර ඔසවා තිබේ.
2022 වසරේ බර්මිංහැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේදීද දිලංක ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබාගැනීමට සමත්වූයේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart