
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලඥයින් බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය (NPP) විසින් නිර්මාණය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේය.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සංසදයේ කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසි දිනක තම පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදානොගත් බවයි.
“වෙනත් රටවල දේශපාලකයෝ බස්වල, කෝච්චිවල, බයිසිකල්වල, පොදු ප්‍රවාහනයේ ගිහින් මිනිස්සු එක්ක එකට වැඩ කරනවා ඔයාලා දැකලා ඇති. එහෙම දේශපාලන සංස්කෘතියක් මෙහෙටත් අවශ්‍යද? අපි ඒ දේශපාලන සංස්කෘතිය සහ පරිවර්තනය ඇති කරනවා. අපි ඒ බව ඔබට සහතික වෙනවා” යැයි ඔහු පැවැසීය.
බංකොලොත් වූ රට භාර ගැනීමට තමන්ට විශ්වාසයක් ඇති බවත්, ආර්ථිකය යළි නගා සිටුවීමට අවශ්‍ය ධෛර්යය ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
දේශීය ජනතාවගේ සහ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම ආර්ථිකය නගාසිටුවීමට යොදාගැනීමේ සැලසුමක් තමන් සතුව පවතින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart