
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට නම්කර තිබේ.
මෙම ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහි දී පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 19 වැනිදායි.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචිව සිටින ක්‍රීඩකයන් ගණන 1,166කි.
වෙන්දේසියේ දී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිලදී ගැනීමට නියමිතය.
එහිදී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටින බව වාර්තා වේ.
ඊට අමතර ව එම කාණ්ඩයට එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු සංචිතයේ පැට් කමින්ස් ,ට්‍රේවිස් හෙඩ්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැසැල්වුඩ්, ස්ට්ව් ස්මිත්, ජොෂ් ඉංග්ලිස් සහ සීන් ඇබොට් යන ක්‍රීඩකයෝද ඇතුළත් කර සිටිති.
වනිඳු හසරංග කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart