
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට විපක්ෂ නායක කාර්යාලයට ආරාධනා කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මිස දේශපාලන කුමන්ත්‍රණයකට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.
තමන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීම සඳහා මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම ලබාගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයාබැලීමට රොෂාන් රණසිංහට ද එම අවස්ථාවට ආරාධනා කළ බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“මම ඉන්දීය මහ කොමසාරිස්තුමා සහ රොෂාන් රණසිංහ සමඟ සාකච්ඡා කළේ ක්‍රිකට් තහනම ඉවත් කරන්න මිස දේශපාලන කුමන්ත්‍රණයක් සැලසුම් කරන්න නෙවෙයි. රොෂාන් රණසිංහ විපක්ෂ නායක හමුවුණා කියලා දැන් චෝදනා කරනවා. අනෙක් කැබිනට් ඇමැතිවරුත් ඇවිත් මාව හමුවෙනවා. ඒවා දේශපාලන කුමන්ත්‍රණ නෙවෙයි.” යැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart