
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක් බැවින්, එය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා රජයට වගවීමක් පවතින බව ඊයේ අධිකරණය හමුවේ අනාවරණය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකියනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පමණක් බව එහි සභාපතිවරයා සඳහන් කළද, එය සත්‍යයෙන් තොර බව මෙලෙස ප්‍රකාශ කරන ලද්දේ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාය.
ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඊයේ (23) තුන්වැනි දිනටත් සළකා බැලු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව පෙන්වාදුන්නේය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනය තුළ මූල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට ලක් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. එවැනි වටපිටාවකයි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වගකියන බව පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙන්නේ. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට එහි අරමුදල් හිතුමතේ රිසි සේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍යය සමග වගවීමක් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජය නියෝජනය කරන ජාතික ආයතනයක් නිසයි. ” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමේදී ක්‍රිකට් ආයතනය කරුණු රැසක් අධිකරණයෙන් වසන්කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පෙන්වාදුන්නේය.
“ස්වාමිනි, ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයට එරෙහිව අතුරු තහනම් නියෝග ලබා ගැනීමේදී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විගණකාධිපති වාර්තාව පිළිබඳව අධිකරණය හමුවේ කිසිවක් සඳහන් කර නැහැ. එලෙස හිතාමතාම කරුණු වසන් කර ඇත්තේ මේ අතුරු තහනම් නියෝග ලබාගන්න. එසේම මෙම විගණන වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ. එබැවින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart