
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සඳහා 2024 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විරෝධය පළකළේය.
දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් කියාසිටියේ 2023 අයවැයට අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා රුපියල් මිලියන 84ක් ලෙස වෙන්කර තිබූ වැය ශීර්ෂය 2024දී රුපියල් මිලියන 110 ක් දක්වා වැඩිකර ඇති බවයි.
රටේ ආර්ථිකය බංකොලොත් කිරීම සඳහා වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති මෙම පුද්ගලයන්ට මෙලෙස පාර්ලිමේන්තුව හරහා මුදල් වෙන් නොකළයුතු බව දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart