
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවේ හිටපු රග්බි තරුවක් වන හැනස් ස්ට්‍රයිඩම් (Hannes Strydom) (58) රිය අනතුරකින් මියගොස් තිබේ.
ම්පුමලංග (Mpumalanga) පළාතේ eMalahleni ගල් අඟුරු කැණීම් නගරය ආසන්නයේදී ඉරිදා මෙම අනතුර සිදුවිය.
රග්බි කණ්ඩායමේ හිටපු සගයෙකු සහ සමීප මිතුරෙකු වන කොබස් වීස් (Kobus Wiese) ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, අනතුර පිළිබඳ තොරතුරු තවමත් අපැහැදිලි නමුත් ස්ට්‍රයිඩම් ගමන් කළ වාහනය කුඩා කුලී බස් රථයක ගැටී ඇති බවයි.
ඔහු, 1994 දී වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු 1995 රග්බි ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රසිද්ධියට නම්කළ Springbok කණ්ඩායමේ සාමාජිකයෙකි.
1993 සහ 1997 කාලය අතර ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ හැනස් ස්ට්‍රයිඩම් Springbok caps 21ක් ලබාගෙන ඇත.
ස්ට්‍රයිඩම් 1993 දී ස්ප්‍රින්ග්බොක්ස් වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කළ අතර, වර්ණභේදවාදය අවසන්වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිදු වූ විශාලතම ක්‍රීඩා ඉසව්ව වන ජොහැන්නස්බර්ග් හි පැවති 1995 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රතිවාදී නවසීලන්තය ලකුණු 15-12ක් ලෙස පරාජය කිරීමට ඔහු දායක විය.
ඔහු බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ලයන්ස් තරඟාවලියට ක්‍රීඩාකිරීමෙන් පසු 1997 හි ඔහුගේ Springbok වෘත්තීය ජීවිතය අවසන් කළේය.
ඔහු 1995 Springbok කණ්ඩායමේ මියගිය පස්වැනි ක්‍රීඩකයා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart