
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී, ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 තරඟාවලියේ ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ‘ලකුණු රැස් කිරීමේ යන්ත්‍රය’ වන විරාත් කෝලි නම් කරනු ලැබීය.
මෙවර තරගාවලියේ ඉන්දියාව සහභාගීවූ තරග 11න් 09කදිම කෝලි අවම තරමින් අර්ධ ශතකයක් හෝ ලබාගත්තේය.
තරඟාවලියේ ඔහු ලබාගත් ලකුණු 765, ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියකදී තනි පිතිකරුවකු විසින් මෙතෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, එය 2003 තරඟාවලියේදී ලකුණු 673ක් රැස්කළ සචින් ටෙන්ඩුල්කාර් විසින් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යෑමකි.
තරගාවලිය කෝලි 95.62ක සාමාන්‍යයක් සහ 90.31ක ප්‍රහාරක වේගයක් සමඟින් අවසන් කළ අතර, එහිදී ශතක තුනක් වාර්තා කළේය.
ඔහු ශතක වාර්තා කරනු ලැබුවේ, ලීග් අදියරේදී බංග්ලාදේශයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව සහ පසුව අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට එරෙහිවය.
එම තුන්වැනි ශතකය කෝලිගේ ක්‍රිකට් දිවියේ එක්දින අන්තර්ජාතික ශතක 50 දක්වා ගෙනගිය අතර, ඔහු එම ආකෘතියේ ඉතිහාසයේ ප්‍රමුඛතම ශතක ලාභියා බවට පත් කරනු ලැබුවේ නැවත වතාවක් සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමිනි.
අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 63කින් ලකුණු 54ක් ලබාගනිමින් කෝලි තවත් අර්ධ ශතකයක් සමඟින් කෝලි සිය තරගාවලිය නිමා කළේය.
එහෙත් ඔහුගේ උත්සාහය නිෂ්ඵල වූයේ ඉන්දියාවට ජයග්‍රහණය මඟහැරී ගිය බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart