
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
එම ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම්’ සමීක්ෂණයේ නවතම දත්ත අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහා ඇති ප්‍රසාදය ශ්‍රේණිගත කිරීම් ඒකක 13කින් පහළ ගොස් -66 දක්වාත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ප්‍රසාදය ශ්‍රේණිගත කිරීම් ඒකක 8කින් පහත වැටී -65 දක්වාත් පහළගොස් ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ශ්‍රේණිගත කිරීම ඒකක 10 කින් වර්ධනයවී -9 බවට පත්ව තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ මෙම මාසික මත විමසුම් සමීක්ෂණයට අනුව, ප්‍රධාන පක්ෂ නායකයන් සියලුදෙනාගේ හිතකර ශ්‍රේණිගත කිරීම් ඔක්තෝබර් මාසයේදී සෘණාත්මකව පැවතියද, අනුර කුමාර දිසානායකට යම් සැළකිව යුතු පදනමක් ලැබී ඇත.
එක් එක් මාසය සඳහා මෙම ඇස්තමේන්තුව සැකසෙන්නේ එම මාසය තුළදී සහ ඊට පෙර සති කිහිපය තුළදී සම්මුඛ පරීක්ෂණ 100-500ත් අතර වන මත සංඛ්‍යාවක් මත පදනම්ව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය පවසයි.
මෙම සංඛ්‍යා සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිදුකර ඇති වාර්තා කිරීම ඇතැම් පිරිස් වරදවා වටහාගෙන ඇති බව සඳහන් කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සඳහන් කරන්නේ, සෘණ ලකුණු සහිත ප්‍රසාද ශ්‍රේණිගත කිරීම, පුද්ගලයා හෝ ආයතනය ජනප්‍රිය නොවන බව පෙන්නුම් කරන බවයි.
ශුන්‍යයට වඩා වැඩි ධනාත්මක ලකුණු පමණක් පුද්ගලයා හෝ ආයතනය සාමාන්‍යයෙන් ජනප්‍රිය බව අදහස් කරන්නේයැයි එම ආයතනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart