
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 20 වැනිදා සිදුකිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
පසුගියදා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් පනවා තිබූ තහනම් නියෝගය බල රහිත කරන ලෙසට ඉදිරිපත් කළ මෝසම සළකා බැලීමෙන් විනිසුරුවරුන් තිදෙනකු ඉවත් වීමත් සමඟ නව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.
අද (16) ඩී.එන්. සමරකෝන් ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලෙන් විනිසුරු නීල් ඉද්දවෙල ඉවත් විය.
පසුගියදා (14) අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ක්‍රීඩා ඇමැතිවරයාගේ, ඇතැම් කැබිනට් සාමාජිකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසාධාරණ විවේචන උපුටා දක්වමින් ඉල්ලා අස්විය.
කෙසේ වෙතත්, ධම්මික ගනේපොල විනිසුරුවරයා ද සෝභිත රාජකරුණා සමඟ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතු දක්වමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart