
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.
ඒ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදි නවසීලන්ත කණ්ඩායම ලකුණු 70 කින් පරදවමිනි.
එම ජයග්‍රහණය තරගාවලියේ ඉන්දීයාව අඛණ්ඩව ලැබු 10වැනි ජයග්‍රහණය වේ.
මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ, එක්දින ඉතිහාසයේ වැඩිම ශතක ලබාගැනිමේ වාර්තාවට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි හිමිකම් ලැබීම හේතුවෙන් වන අතර, ඔහු පන්දු 106කින් 50වැනි එක්දින ශතකය වාර්තා කළේය.
එහිදී විරාට් කෝලි බිඳදැමුවේ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ලබාගෙන තිබූ එක්දින ශතක 49 වාර්තාව වේ.
ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස්කළේය.
මෙම ලකුණු සංඛ්‍යාව එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වන්නේය.
විරාට් කෝලි 117ක් සහ ශ්‍රෙයාස් අයියර් ලකුණු 105ක් රැස්කළහ.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා ලකුණු 327කට දැවිගියේය.
එහිදි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ඩැරල් මිචෙල් ලකුණු 134ක් රැස්කල අතර කේන් විලියම්සන් ලකුණු 69ක් ලබා ගත්හ.
පන්දු යැවිමේදි කඩුලු 07ක් ලබා ගත් ඉන්දියාවෙි මොහාමඩ් සමී මෙවර තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කළේ මෙවර තරගාවලියේ කඩුලු 23ක් ලබා ගනිමිනි.
ඒ අනුව , එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 4වන වරට අවසන් මහා තරගයට තේරි පත්වු ඉන්දියාව 1983දි සහ 2011 වසරවලදි ශුරතාව හිමිකරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart