
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලබාගත් පිතිකරු බවට පත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි අද සමත්විය.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුම්බායි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදි නවසීලන්තයට එරෙහිව විරාට් කෝලි සිය එක්දින ශතක 50 සම්පූර්ණ කළේය.
පන්දු 106කින් විරාට් කෝලි මෙම එක්දින ශතක 50 වාර්තා කළේ, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තබා තිබූ වාර්තාව බිඳහෙළමින් වන අතර, මීට පෙර සචින් තෙන්දුල්කාර් එක්දින ශතක 49ක් රැස්කර එක්දින ශතක ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවිය.
විරාට් කෝලි එක්දින ඉනිම් 279කදි ශතක 50 වාර්තා කිරීමද විශේෂත්වයක් වන අතර, ලකුණු 117ක්ව තිබියදි ඔහු දැවිගියේ සිය ශතකයට හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් අන්තර්ගත කරමිනි.
කෝලිගේ සැමරුමට ඔහුගේ බිරිඳ වන බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාද සුබපතන ආකාරය දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart