
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්ලබා තිබේ.
1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස්කරමින් ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකරදීමට වැඩි දායකත්වයක් දැක්වූ අරවින්ද ද සිල්වා, එක්දින තරග 308කදී ලකුණු 9284 රැස්කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී ලකුණු 6361ක් රැස්කර කිරීමට ද අරවින්ද සිල්වා සමත්විය.
අරවින්දට පෙර මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ICCයේ මෙම විශිෂ්ඨතම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඉන්දියාවේ විරෙන්ද්‍ර ෂෙවාග් ද මෙවර Hall of Fame ගෞරව නාමයෙන් මෙවර පිදුම් ලැබූ අතර, ඉන්දීය හිටපු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජි ද ඉන් පිදුම්ලබා ඇත.
ක්‍රිකට් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම ගෞරව නාමය Hall of Fame හැදින්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart